hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 19, පෙ.ව. 9:47



මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාර ගනු ලැබ ඇති අතර මේ වන විට සිදු කර සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 220ක් පමණ වැය කර තිබෙනවා.

එමෙන් ම, පසුගිය අරගල කාලසීමාව තුළ දී එම ප්‍රදේශයේ සිදුව තිබූ දේපළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම භූමිය පවත්වා ගෙන යා යුතු නමුත් සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක් රැස් වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භූමිය නිතර හානි වන අතර පරිශ්‍රයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වා ගෙන යාමට අපහසු වී ඇතැයි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කරුණු සඳහන්.

එබැවින්, අප්‍රේල් 20 වන දා සිට බල පැවැත්වෙන පරිදි ආගමික කටයුතු සඳහා හැර ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා එම පිටිය භාවිත කිරීමට අවසර ලබා නොදීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.