hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 ජූලි 05, පෙ.ව. 11:39



ගාල්ල දෙවට ඉන්ධන පිරවුම් හලේ පෝලිමේ සිටි පෞද්ගලික බස් රථ රියදුරෙකුට නාවික හමුදා නිලධාරියෙකු පහරදීම නිසා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

ඉන්ධන පෝලිමේ සිටියදී මෙම පහරදීම සිදු වූ බවටයි එම බස් රථ රියදුරු මෙලෙස පැමිණිලි කර තිබෙන්නේ.

තමන් බස් රථයට ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී ඉන්ධන පිරවුම් හලේ සිටි නාවික හමුදා නිලධාරියෙකු පැමිණ ඉන්ධන නොදෙන බවත් ටෝකන් වලට පමණක් ලබාදෙන බවත් පවසා තිබෙනවා.

නාවික හමුදා නිලධාරියා බස් රථයේ දොර ඇර වැරෙන් පහර දුන් බවත් තවත් නිලධාරීන් පිරිසක් ගිනි අවි එල්ල කරගෙන පැමිණි බවත් ඔහු සඳහන් කර තිබෙනවා.