hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:05



ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ අද (28) සිට 31 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරනවා.

ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙන්.

එම දොරටු ආශ්‍රිත ප්‍රදේශයේ රසායනික සංරක්ෂණ කටයුතු හේතුවෙන් මෙම පියවර ගන්නා බව දකුණු පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ වසන්ති අලහකෝන් මහත්මිය සඳහන් කළා.

ඒ අනුව හෙට සිට 31 වනදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ සිදුකරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: