2022 ජූනි 19, ප.ව. 9:34
ලංගම ඩිපෝ මගින් අඛණ්ඩව ඩීසල් ලබා දීමට එකඟතාවය පළ කිරීම හේතුවෙන් හෙට (20) සිට සමස්ත බස් රථ වලින් සීයට 50 ක් ධාවනයට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.
ඒ අනුව අද සිට දිවයින පුරා බස්රථ 10,000 කට අධික ප්‍රමාණයක් ධාවනයට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළා.
ලංගම ඩිපෝ මගින් දෛනිකව ඩීසල් ලීටර් ලක්ෂ අටක් පෞද්ගලික සහ ලංගම බස් රථවලට ලබාදීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එකගත්වය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද විජේරත්න මහතා කීවා.
මේ සතිය තුල පෞද්ගලික බස් රථ වලින් 70% කට වඩා ධාවනයට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළා.
මෝටර් රථ සහ යතුරුපැදි වෙනුවට හැකිතරම් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ගැමුණු විජේරත්න මහතා පැවසුවා.
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21