hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 14, ප.ව. 3:11



ත්‍රෛලෝක විජය පත්‍ර භෝගය අපනයනය සඳහා නිෂ්පාදනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අද අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මෙරට 77වැනි අයවැය ලෙසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරන මෙම අයවැය ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරයට පත් වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය ද වනවා.

2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මගින් රජයේ වියදම ලෙස රුපියල් බිලියන 7,885ක් වෙන් කිරීමට ඇස්තමේන්තු කර ඇති අතර එම මුදල දැක්වෙන්නේ මෙරට ඉතිහාසයේ අයවැයක් මගින් ඇස්තමේන්තු ගත කළ ඉහළ ම වැය ශීර්ෂය ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: