hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 24, ප.ව. 4:35



දැනට රටේ උග්‍ර ගෑස් හිඟයක් පැවතියත් තිස්සමහාරාමයට – කතරගමට එනු ලබන ලාෆ් ගෑස් අධික මිලකට අලෙවි වෙමින් පවතිනවා.

කතරගම – තිස්සමහාරාමය වැනි ප්‍රදේශ සමහර පුද්ගලයන් ගෑස් ටැංකියක් රුපියල් 10,000 ක් වැනි මිලකට අලෙවි වෙන බවට වාර්තා වෙනවා.

කතරගම – තිස්සමහාරාමය ප්‍රදේශ තුළ සිටින ගෑස් නියෝජිතයන් මෙම ගෑස් අලෙවිය නවතා දමා තිබෙනවා.

තිස්සමහාරාම බෝගහපැළැස්ස අලෙවි නියෝජිත මංජුල පැවසුවේ,

“තිස්සමහාරාම ගෑස් ඒජන්සියෙන් මේ වනවිට ගෑස් බෙදන්නේ නැහැ. ඔවුන් කියන්නේ ප්‍රවාහන ගාස්තු වැඩි නිසා එතනට පැමිණ රැගෙන යන්න කියලයි. එසේ ගෙනවිත් නියමිත මිලට අපට දෙන්න බෑ. ඒක නිසා සමහරු ගෑස් එතනින් ගෙනත් වැඩි මිලට විකුණනවා. අපිට අමතර වියදමක් කරලා ප්‍රවාහනය කරලා ගැස් වලට මිලක් වැඩි කරන්න බැ පරිභෝගික ආයතන නිලධාරින් අපිව අල්ලයි. පවතින මිල ට වැඩි මිලකට විකුණුවා කියලා. මේ වනවිට ගැස් පිටස්තර පිරිස් මිල දි ගෙන අධික මිලක් අය කරලා විකිණිම සිදු කරනවා.”

මේ අතර කුරියර් සේවා ආයතනයක් සතුව තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 20ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඊයේ (23) සිදු කළ වැටලීමක දී සොයාගෙන තිබෙනවා.

හැටන් නගරයේ කුරියර් සේවා ආයතනයක ගබඩාවකයි මෙම ගෑස් තොගය තිබී ඇත්තේ.

පසුව සිදු කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ මෙම ගෑස් සිලින්ඩර හැටන් නගරයේ සිට කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බවටයි.

අදාළ ගෑස් තොගය කුරියර් සේවා ආයතනය මගින් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා භාරදුන් පුද්ගලයා පිළිබඳ තොරතුරු අදාළ ආයතනය විසින් ඉදිරිපත් කිරීමට අකමැත්ත පළ කර ඇති බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

මෙවන් පසුබිමක එළඹෙන මස 6 වැනිදා තෙක් ලිට්රෝ ගෑස් මිලදී ගැනීම සඳහා පොල්ම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලිට්රෝ සමාගම ජනතාවට දැනුම් දී තිබෙනවා.

ලබන මස 5 වැනිදාත් 12 වැනිදාත් අතර නෞකා 2ක් මගින් මෙට්‍රික් ටොන් 7,000ක ගෑස් තොග ලැබෙන තෙක් ජනතාවට බෙදා හැරීම සඳහා ගබඩාවල ගෑස් නොමැති බව එහි සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කර තිබෙනවා.

ලබන මස 10 වන දායින් පසුව ගෑස් මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර එහි සිට කුඩා නෞකා මගින් මෙරටට අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඒ අනුව ලබන 5 වැනිදායින් පසුව දිවයින පුරා දෛනිකව කිලෝ 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිල්න්ඩර 80,000ක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි.

ලිට්‍රෝ සමාගම විසින් ඇණවුම් කළ ගෑස් තොගයක් දිවයිනට පැමිණෙන දින පිළිබදව එම සමාගම විසින් දැනුම්දීමක් කර තිබෙනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 7,000ක් සහිත නෞකා දෙකක් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිත බවයි.

ජුලි මස 05ත් 12ත් අතර කාලය අතරතුර අදාළ නෞකා දෙක මෙරටට ළඟාවීමට නියමිතව තිබෙනවා.