hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 12, ප.ව. 2:40



ඊයේ (11) කොළඹ දිස්ත්‍රික්කයට ගෑස් සිලින්ඩර 35,000ක් බෙදා දුන් බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවා.

මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක් ලක්ෂ විසිදහසක් අද (12) දිනයේ දී වෙළඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ලංකා සමාගම ප්‍රකාශ කළා.

දීප ව්‍යාප්ත ව යළි ගෑස් බෙදාහැරීම හෙට දිනයේ සිට අරම්භ කිරීමටයි එම සමාගම සැලසුම් කර ඇත්තේ.

මේ අතර ලිට්‍රෝ ගෑස් මිල දී ගැනීම සඳහා මැයි මාසයේ විදුලි බිල්පත ඉදිරිපත් කළ යුතු බව එම සමාගම ඊයේ දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් ගෑස් බෙදාහැරීම සාමාන්‍ය තත්වයට පත්වූ පසු එය අත්‍යාවශ්‍ය නොවූ බවයි වාර්තා වන්නේ.

මේ අතර ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළේ කොළඹ සමහර ගෑස් අලෙවි නියෝජිත ආයතන විසින් සිය පාරිභෝගිකයින් සඳහා ගෑස් සිලින්ඩර් 2ක් ලබා දීමට කටයුතු කර ඇති බවයි.

අනෙකුත් ප්‍රදේශ සඳහා බෙදා හැරීම 2022 ජූලි 13 වන දින ආරම්භ කරන බව සමාගම පවසයි.

සියලුම අල්වෙඉ නියෝජිත ආයතන වලට් ගෑස් 10000ක් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටෝන් 3700 ක් රැගත් තවත් නෞකාවක් ශ්‍රී ලංකාවට අද (12) පෙරවරුවේ ළඟාවූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (12) පස්වරුවේ පැවසුවා..

පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම බෙදාහැරීම වහාම අද පස්වරුවේ ගෑස් ගොඩබෑම ආරම්භ කරන බවත් ඉදිරියේ තවත් ගෑස් නෞකා කීපයක් ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බවත් වී. කේතේෂ්වරම් මහතා සඳහන් කළා.

අද (12) දිනයේ දී ලිට්‍රෝ සමාගම විසින් දිවයින පුරා ගෑස් බෙදාහරින අලෙවි මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් අලෙවි නියෝජිත මධ්‍යස්ථානවලදී පාරිභෝගිකයින්හට තම ගෑස් සිලින්ඩරය ලබා ගත හැකි වනවා.