hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 26, ප.ව. 12:37



මේ වන විට ගෑස් හිඟය මගහැරවීමට ගත හැකි සියලුම උත්සාහයන් රජය විසින් ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව අගෝස්තු පළවෙනිදා සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබා ගැනීමට හැකි බව ලිට්රෝ සමාගම දැනුම් දී ඇති බවද සඳහන් කළා.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා මෙසේද අදහස් දක්වා සිටියා,

“ගෑස් හිගය නිසා ගෘහණියන්, අම්මාවරුන් විශාල පීඩාවකට පත් වුණා එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු කරගෙන යෑමටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යෑමටත්. මේ වන විට රජය ඉතාම දැඩි ආර්ථික අර්බුදයක් හා අසීරුකම් මැද්දේ මේ සඳහා නිරන්තරයෙන් අඛණ්ඩව රැස්වෙලා රජයක් ලෙස ගත හැකි සියලුම උත්සාහයන් දරලා තියෙනවා. ගෑනිගෙ මේ වසරේ දෙසැම්බර් 31 වන විට අවසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ලිට්රෝ සමාගම විසින් අරගෙන තියෙනවා. ඒ අනුව ගෑස් පෝලිමේ ඉන්නෙ නැතුව ගෑස් ලබා ගැනීමට අගෝස්තු පළවෙනිදා සිට කිසිදු හිඟතාවයක් ඇති නොවන බව කැබිනට් මණ්ඩලයට වාර්තා කළා.”