2022 අගෝස්‍තු 14, ප.ව. 7:12
පානදුර උතුර ලිට්රෝ ගෑස් අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 10කට අධික වටිනා ගෑස් සිලින්ඩර සහ මුදල් අද (14) අලුයම සොරා ගෙන ගොස් ඇතැයි පානදුර උතුරු පොලීසිය පවසයි.
එම වෙළඳසැලින් ගෑස් සහිත සිලින්ඩර 30ක් හා සාක්කුවේ තිබූ රුපියල් 30,000ක පමණ මුදලක් සොරා ගෙන ගොස් ඇති බව වෙළඳසැලේ හිමිකරු කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙනවා.
අලුයම 4.30ට පමණ වෑන් රථයකින් පැමිණි කීප දෙනෙකු ව්‍යාජ යතුරක් උපයෝගී කරගෙන එයින් ඉදිරිපස දොර විවෘත කර මෙම සොරකම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවූ බව පොලීසිය පවසයි.
අදාල සොරකම වෙළඳසැල ඉදිරිපිට ගොඩනැගිල්ලක සවි කර තිබෙන සීසීටිවී කැමරාවක සටහන් වී තිබෙනවා.
බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11