2023 අප්‍රේල් 06, ප.ව. 1:28
හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ පිහිටි පෞද්ගලික ආපන ආපනශාලාවක පෙරේදා (04) අලුයම සිදු වූ හදිසි පිපිරීමකින් එම අලෙවිසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසනවා.
පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දිවයින පුරා පිහිටි ආහාර සැපයුම් ජාලයකට අයත් අලෙවිසැලෙහි මෙම පිපිරීම පෙරේදා අළුයම 04:45 ට පමණ සිදුව තිබෙන බව පොලීසිය සඳහන් කළා.
ඉන් අලෙවිසැල් අභ්‍යන්තරයේ තිබූ ඉදිකිරීම් රැසක් විනාශයට පත්ව ඇති අතර ඉදිරිපස ආරක්ෂිත වීදුරුව පුපුරා ගොස් හයිලෙවල් මාර්ගයේ තැන තැන විසිරී තිබෙන අයුරු දක්නට ලැබූ බව පොලීසිය පවසනවා.
සිද්ධිය වාර්තාවීමත් සමගම හෝමාගම මූලස්ථාන පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල රූපරාමු පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇති අලෙවිසැල තුළ තිබූ ගෑස් සිලින්ඩරයකින් වූගෑස් කාන්දුවක් පිපිරීමට හේතු වී ඇති බවයි.
2026 අප්‍රේල් 27, ප.ව. 5:14
2026 අප්‍රේල් 27, ප.ව. 5:10
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24