2022 මැයි 19, ප.ව. 6:06
හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිත අලෙවිසැල් ඉදිරිපිට පදික වේදිකාවේ හිස් ගෑස් සිලින්ඩර් ආපනශාලා හිමියන් විසින් ගොඩගසා තැබිම හේතුවෙන් පාසල් ළමුන් ඇතුළු පදික වේදිකාවේ ගමන් ගන්නා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
හැටන් ප්‍රදේශයට ලිට්‍රෝ ගෑස් බෙදා හැරිම සමාගම විසින් ඊයේ (18) දින සිදු කරන බවට ලද තොරතුරක් මත හැටන් නගරයේ ආපනශාලා හිමියන් පිරිසක් හිස් ගෑස් සිලින්ඩර් විශාල ප්‍රමාණයක් පදික වේදිකාවේ තබා එම ගෑස් සිලින්ඩර් ලණු වලින් සහ දම්වැල් වලින් ගැට ගසා තබා යෑම හේතුවෙන් මෙම පිඩාව සිදු වි ඇත්තේ.
හැටන් නගරයේ පිහිටි සැම ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිත වෙලදසැල් ඉදිරිපිට ඇතැම් ආපනශාලා හිමියන් තැරැව්කරුවන් යොදා ගනිමින් ගෑස් තොග එක්රැස් කිරිමේ ජාවාරමක නිරතව සිටින නිසා සමාන්‍ය පාරිභෝගිකයෙකුට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් ලබා ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි තිබෙනවා.
2026 ජනවාරි 17, ප.ව. 1:05
2026 ජනවාරි 17, පෙ.ව. 9:27
2026 ජනවාරි 17, පෙ.ව. 12:37
2026 ජනවාරි 17, පෙ.ව. 12:31
2026 ජනවාරි 17, පෙ.ව. 12:18