hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 20, පෙ.ව. 5:52



මෙරටට පැමිණ ඇති නෞකාවෙන් ගෑස් ගොඩබෑම අයහපත් කාලගුණ තත්ත්වය නිසා ප්‍රමාද වන බව ලිට්රෝ ගෑස් සභාපතිවරයා පෙරේදා සඳහන් කළා.

එහෙයින් ගෑස් ලබා ගැනීම සඳහා ජනතාවට පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ ගෑස් සභාපතිවරයා දැනුම් දුන්නා.

මේ අතර ඊයේ දිනයේදී ගෑස් සිලින්ඩර 35,000ක් බෙදාහැරීමට පියවර ගත් බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.

හෙට වන විට ගෑස් සිලින්ඩර් 80,000ක් නිකුත් කිරීමට සූදානම් බවද හේරත් මහතා සඳහන් කළා.

කෙසේවෙතත් ලක්ෂ 35ක හිඟයක් පවතින බවද ඔහු පවසා සිටියා.

ඔහු කියා සිටියේ මෙරට ගෑස් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල නාගරික ජනතාවට ගෑස් ලබාදීමට ප්‍රමුඛත්වයක් ලබාදී ඇති බවත් සභාපතිවරයා කියා සිටියා.

එසේම, පවතින ගෑස් හිඟය සහ ඊට අදාළ විසඳුම් පිළිබඳව විමර්ශනය සඳහා ලිට්රෝ සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අද පෙරවරු 11.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත්, කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල මෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව අද දිනයේත් ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පෝලිම්වල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා.

ගෑස් නොලැබීමත් සමඟ ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වයන්ද වාර්තා වූ බවයි වාර්තා වන්නේ.