hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 21, ප.ව. 3:51



ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෑස් ප්‍රවාහනය කල ලොරි රථයක යතුර හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් විසින් රැගෙන යාමෙන් පසු යලිත් ලොරි රථයේ යතුර රියදුරුට ලබා දිමට හැටන් පොලිසියේ නිලධාරින් අද (21) පියවර ගත් බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයෙකුට එම ලොරි රථයෙන් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 150 ක් රැගෙනවිත් එම අලෙවි නියෝජිතයාගේ උපදෙස් මත එම ලොරි රථයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 140 පමණක් අලෙවිසැල වෙත ගොඩබස්සවා එම ලොරි රථයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 10 ක් එම ලොරි රථයෙන්ම රැගෙන ගොස් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ආපනශාලාවකට භාරදිමට උරණ වු එම හෝටලය අසල රැදි සිටි පිරිසක් ලොරි රථයේ යතුර ඔවුන් භාරයට රැගෙන අලෙවි නියෝජිත අලෙවිසැලක් නොවන ස්ථානයකට ගෑස් සිලින්ඩර් 10 ක් බෙදා හැරිම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එහිදි ලිට්‍රෝ ගෑස් සමාගමේ ලොරි රථයේ රියදුරා විසින් ඒ පිලිබදව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ලොරි රථයේ යතුර සොයා ආපසු රියදුරුට භාර දිමට පියවර ගෙන තිබෙනවා.

එම ස්ථානයේ නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පාරිභෝගිකයින් කියා සිටියේ හැටන් නගරයේ ඇතැම් ගෑස් අලෙවි නියෝජිතයන් පෝලිම් වල රැදි සිටින පාරිභෝගිකයන්ට ගෑස් සිලින්ඩර් නිකුත් නොකර මෙවැනි උපක්‍රම භාවිතා කරමින් ගෑස් සිලින්ඩර් ආපනශාලාවලට වැඩි මිලට නිකුත් කරන බවයි.