hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 26, ප.ව. 8:45



අද මෙන්ම හෙට දිනයේදීත් ගෑස් බෙදා හැරීම සිදුනොවන බව ලිට්රෝ ආයතනය පවසනවා.

එළඹෙන සඳුදා දිනයේ සිට යළි ලිට්රෝ ගෑස් බෙදා හැරීමට හැකිවන බවයි එම සමාගම සඳහන් කළේ.

අද මෙරටට ළඟාවීමට නියමිතව තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවේ පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් මෙලෙස ඉදිරි දින 3 තුල ගෑස් බෙදා හැරීමට නොහැකි වී තිබෙනවා.

මේ අතර ඉදිරි දින කිහිපය ඇතුලත ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළදපොලට නිකුත් කරන බව ලාෆ් සමාගම සඳහන් කරයි.

ණය වර ලිපි විවෘත කිරීමට හැකි වීම මත ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළදපොලට නිකුත් කිරීමට හැකියාව ඇති බව එම සමාගම පවසයි.

ඒ අනුව තම පාරිභෝගිකයින් සඳහා අවශ්‍ය ගෑස් විධිමත් ලෙස වෙළද පොලට නිකුත් කිරිමට කටයුතු කරන බව ලාෆ් සමාගම පැවසුවා.

පසුගිය කාලය තුල වෙළඳපොලට ලාෆ් ගෑස් නිකුත් නොකිරීම හේතුවෙන් එම පාරිභෝගිකයින් දැඩි අපහසුකාවට පත්වුණා.