hit counter

2026 සැප්‍තැම්‍බර් මස 12 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:16



වත්මන් රජයේ ක්‍රියාකලාපය සහ පවතින දේශපාලන තත්ත්වය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, ඉදිරි ජනාධිපතිවරණයේදී පා. මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය ස්ථිර බව අවධාරණය කළා.

“මම කියන්නම්, 2029 ඕගොල්ලොන්ට කැමැත්තක් තිබුණත් නැතත්, මොනවා කළත් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති වෙනවාමයි,” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.

තමන් උතුරේ උපත ලබා වසර 40ක් එහි ජීවත් වූ අයෙකු බවත්, සිංහල ජනතාව සමග සැමදා එකට සිටින බවත් සඳහන් කළ අර්ච්චුනා, උතුරේ සහ දකුණේ ජනතාව එකතු කරමින් රට ගොඩනැගීමට නාමල් රාජපක්ෂට සහාය දෙන බවද ප්‍රකාශ කළා.

එමෙන්ම වත්මන් රජය විසින් තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා මත නඩු 29ක් පවරා ඇති බවත්, මීට පෙර පැවති රජයන් කෙරෙහි තැබූ විශ්වාසය කඩවී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: