hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 08, ප.ව. 3:05



දිවයින පුරා පවතින ගෑස් හිඟය නිමාවට පත්වීම සඳහා තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරි සතියේදී මෙට්‍රික් ටොන් 3500 බැගින් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවද සභාපතිවරයා සඳහන් කළා.

දෛනිකව මේ වනවිට ගෑස් සිලින්ඩර් 4000 ක් පමණක් නිකුත් කිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, තවදුරටත් ජනතාව ගෑස් ලබා නොගැනීමට අපහසුතාවයට පත්වන අයුරු දැකගත හැකියි.

ඒ හේතුවෙන් පාරිභෝගිකයින් ගෑස් ඉල්ලා මාර්ග අවහිර කරමින් අද දිනයේත් විරෝධතාවල නිරත වුණා.

මේ අතර ගෑස් ඉල්ලා මාර්ග අංක 174 කොට්ටාව – බොරැල්ල මාර්ගය පැලවත්ත මංසන්ධියෙන් අවහිර කරමින් ද ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූ අතර, ජම්පටාවීථියද අවහිර කරමින් ප්‍රදේශවාසීන් ගෑස් ඉල්ලා විරෝධතාවක නිරත වුණා.

මේ අතර ලිට්‍රෝ ගෑස් නොලැබීමට විරෝධය දක්වමින් පාරිභෝගිකයන් පිරිසක් හයිලෙවල් මාර්ගය නාවින්න ප්‍රදේශයෙන් වසා විරෝධයක නිතර වීම නිසා 138 බස් මාර්ගයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙනවා.

පාරිභෝගිකයන් දහසකට අධික පිරිසක් පාර අවහිර කර සිටින බව පොලිසිය පවසයි.

මාර්ග වසා තැබීම නිසා වාහනවලට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබෙනවා.