hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 පෙබරවාරි 22, ප.ව. 3:44



LTTE සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙලෙස තහනමට ලක් වූ සංවිධාන, ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින්වර මුදල් සැපයීම සිදු කර ඇති බව සදහන් වේ.

ඒ අනුව එම සංවිධානවන මූල්‍ය වත්කම් සහා ආර්ථික සම්පත් තහනමට ලක්කර ඇත.

මීට අමතරව ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222කගේ නාම ලේඛනයක් ද මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

තහනම් කළ ත්‍රස්තවාදී සංවිධාන 15

1 ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය

2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය

3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව

4 ලෝක දෙමළ ව්‍යාපාරය

5 දේශසීමා ඉක්ම වූ දෙමළ ඊලම් රාජ්‍යය 

6 ලෝක දෙමළ සහනසාධක අරමුදල

7 මූලස්ථාන කණ්ඩායම

8 ජාතික තව්හිද් ජමාත්

9 ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්

10 විලයාත් අස් සෙයිලානි

11 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය

12 ද්‍රවිඩ තරුණ සංවිධානය

13 දාරුල් අදර් අත්තබවියා

14 ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය

15 සේව් ද පර්ල්ස්