hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 11, පෙ.ව. 8:50



ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංගණනය 2023 සහ 2024 යන වර්ෂ වලදී පැවැත්විය යුතු බව මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා.

මීට පෙර අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ 2012 වසරේදීයි.