2023 අගෝස්‍තු 30, ප.ව. 4:30
රුපියල් විසි නව කෝටි දස ලක්ෂයක් වටිනා මැණික් තොගයක් රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ කාන්තාවක් අද (30) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවා.
ඇය කොළඹ , ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක්.
ඇය අද (30) අලුයම 03.13 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 274 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙම කාන්තාව ඇද සිටි ඇදුම් අතර කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 75 ක් ( 2311.75 g ) බරැති මෙම මැණික් තොගය සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
මෙම මැණික් තොගය කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම කාන්තාව අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
2026 ඔක්තෝබර් 08, පෙ.ව. 12:23
2026 ඔක්තෝබර් 08, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 08, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 08, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 08, පෙ.ව. 12:11