hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 21, ප.ව. 2:02



ජලය ලීටරයකින් පැයකට කිලෝවොට් 100 ක විදුලියක් නිපදවිය හැකි ජෙනරේටරයක් මෙරටට හඳුන්වාදීමට ජපන් සමාගමක් එකඟ වී ඇත. අවශ්‍යතාව අනුව කිලෝවොට් ප්‍රමාණය වැඩිකර ගත හැකියි.

මෙම විදුලි ජනන යන්ත්‍රය මේ වනවිට ඔස්‌ට්‍රේලියාව, වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවලට ජපානය විසින් අපනයනය කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙම විදුලි ජනන යන්ත්‍රය ජපානයේ ග්ලෝබල් ලින්ක් සමාගම නිර්මාණය කර තිබෙන අතර එය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සිදු කරන බව එම සමාගමේ මෙරට නියෝජිත සෙන්දිල් කුමාර් මහතා කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවා.

විදුලිය නිෂ්පාදන පිරිවැය සියයට 40 ත් 60 ත් දක්වා මෙම ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් අඩුකර ගත හැකි බවද ඒ මහතා සඳහන් කළා.

මෙරට ආයෝජන කලාප, විශාල ගොඩනැඟිලි, විශාල රෝහල්, වරායන්, ගුවන් තොටුපළවල් වැනි අඛණ්ඩ හා විශාල විදුලි සැපයුම් අවශ්‍යතා සඳහා මෙය භාවිතා කළ හැකියි.

මේ සඳහා විශාල මූලික ප්‍රාග්ධනයක් වැය වුවත් වසර 03 කදී එම මූලික ප්‍රාග්ධනය ආවරණය කරගත හැකි බවද කුමාර් මහතා පැවසුවා.