hit counter

2026 ජනවාරි මස 25 වන ඉරිදා

2022 මැයි 28, පෙ.ව. 5:11



ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදයට විරෝධය දක්වමින් කොළඹ ගාලු මුවදොර ආරම්භ වූ ගෝඨාගෝගම මහජන අරගලයට අද (28) දිනයට දින 50ක් සම්පුර්ණ වෙනවා.

එම නිසා අද දිනයේ ගාලුමුවදොරදී විශේෂ අංග රැසක් සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා වන අතර අරගලකරුවන් ඉල්ලා සිටින්නේ අද (28) පස්වරු 2.00ට කළු කොඩියක් රැගෙන ගාලුමුවදොර අරගල භූමියට හෝ ළඟම නගරයට පැමිණෙන ලෙසයි.

මේ අතර අද (28) දිනයේ විරෝධතාකරුවන්ට මාර්ග ඛිහිපයකට සහ ගොඩනැගිලි කිහිපයකට ඇතුලුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ඒ අනුව යෝක් වීදිය, බැංකු මාවත සහ චැතම් වීදිය ට විරෝධතාකරුවන්ට ඇතුලුවීම තහනම් වනවා.

ඊට අමතරව කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුලුවීම හෝ රාජ්‍ය දේපළවලට හානි කිරීම ද මෙම අධිකරණ නියෝගය මගින් තහනම් කර තිබෙනවා.

එහි සජීවී විකාශය ඒෂියන් මිරර් වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තුවන්න.