hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 11, ප.ව. 4:05



ජනාධිපති ලේකම් කාර්යාලයේ ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් අරගලකරුවන් වෙත පොලිසියෙන් නිවේදනයක් ප්‍රකාශ කොට තිබෙනවා.

ශබ්ද විකාශන පද්ධතිය මගින් එම නිවේදනය රැඳී සිටින විරෝධතාකරුවන්ට ඇසීමට සලස්වනු ලැබූ අතර ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කිසිදු පොදු ස්ථානයක රැඳී සිටීමට නොහැකි බවයි එයින් සඳහන් කර සිටියේ.

මෙය ශ්‍රී ලංකා පොලිසිය මඟින් නිකුත් කරන නිවේදනයයි. මහජන ආරක්ෂක පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව මැයි මස 6 වන දින මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා හදිසි නිතිය ක්‍රියාත්මක කර ඇති අතර තවද මැයි මස 9 වනදා සිට හෙට උදෑසන 7.00 දක්වා ඇඳිරි නිතිය පනවා ඇති පසුබිමක බලය දෙන නිලධාරියෙකු විසින් හෝ ප්‍රධානියෙකු විසින් ලබා දෙන ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු ස්ථානයක, පොදු ක්‍රීඩා භූමියක, වෙනත් පොදු භූමියක එම ප්‍රදේශ වල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.එබැවින් ඇඳිරී නීති කොන්දේසි උල්ලංඝණය කරමින් කටයුතු කිරීම පවත්නා නීතියට අනුව වරදක් බව ඔබට මෙයින් දැනුම් දෙමි.”