hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 25, පෙ.ව. 12:26



හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

ඉදිරි සතියේදී ඊට අදාළ පත්වීමේ ලිපිය සෙනරත් මහතා වෙන නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වනවා.

හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු සහ ජනාධිපති ලේකම්වරයකු වන ගාමිණී සෙනරත් මහතා වසර 35කට වැඩි කාලයක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හෙබවූ ප්‍රවීණ පරිපාලන නිලධරයෙක්.

ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළා.