hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 14, ප.ව. 1:22



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවන විට මාලදිවයිනෙන් පිටව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

The Washington Post වාර්තා කළේ ජනාධිපතිවරයා සෞදි එයාර්ලයින්ස් ගුවන් යානයකට ගොඩ වී ඇති බවයි.

ඉන් ඔහු සිංගප්පූරුව හරහා සෞදි අරාබියේ ජෙඩා වෙත ගෙන යාමට නියමිත බව මාලදිවයින් රජයේ නිලධාරියෙකු ප්‍රකාශ කළ බවට එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

තොරතුරුවල ඇති සංවේදිතාව සැලකිල්ලට ගෙන එම නිලධාරියා සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

මේ අතර ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබූ බැවින් ඊයේ (13) දින පුරා මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක විධිවිධාන තර කර තිබූ බව වාර්තා වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා සිංගප්පූරුවට ගිය පසු ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිත බව යි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාලදිවයිනට පැමිණීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් එරට විපක්ෂය මාලදිවයිනේ පාලක පක්ෂයට බරපතළ ලෙස චෝදනා කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (13) අලුයම මාලදිවයින් වෙත ගොස් තිබුණා.

සිංගප්පූරුව බලා ගිය පසු ඔහු ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරනු ඇති බව කතානායකවරයා සඳහන් කර කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: