hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 5:03



ලලිත් සහ කූගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් උසාවියේ විභාග වන නඩුවට සාක්ෂි දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවීමට බලයක් නොමැති බවට ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර ඇති විශේෂ අභියාචනා පෙත්සමේ වග උත්තරකාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි බාරදෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කළා.

අධිකරණය මෙසේ නියෝග කළේ ලලිත් සහ කූගන් මහත්වරුන්ගේ දෙමාපියන් ගොනුකර තිබූ විශේෂ අභියාචනා පෙත්සම ගාමිනි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම් නවාස් මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.

වගඋත්තරකාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොවූයෙන් ඔහුට යළි නොතීසි බාරදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයට අධිකරණයෙන් නියෝග කළා.

විශේෂ අභියාචනා පෙත්සමේ මෙසේද සඳහන්,

2011 වසරේ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබිනි.එම නඩුවේ සාක්කිකරුවෙකු හැටියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරනු ලැබ සිටියේය. ඊට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා රිට් පෙත්සමක් ගොනු කර තිබූ අතර ඒ අවස්ථාවේදී එම රිට් පෙත්සම විභාගයට ගැනීමෙන් පසු ජනාධිපති ධුරයේ කටයුතු කළ බැවින් සාක්ෂියට කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබිනි.

එම තීන්දුවෙන් අගතියට පත් ලලිත් සහ කූගන් දෙපළගේ දෙමව්පියන් ඊට එරෙහිව මෙම විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරින .අදාළ තීන්දුව බල රහිත කර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාක්කියට කැඳවීමට නියෝග කරන ලෙස මෙම විශේෂ අභියාචනා පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: