2022 අගෝස්‍තු 12, ප.ව. 4:10
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මෙරටට පැමිණි පසු ජිවත් වීමට යහපත් වාතාවරණයක් සකසා දෙන ලෙසට ඉල්ලමින් අද (12) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.
එම පැමිණිල්ල ඉදිරිපත් කළේ, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින්.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන සහ හිටපු පළමු පුරවැසියෙකු වන ගෝඨාභයට ශ්‍රී ලංකාව තුළ නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලබාදිය යුතු බව ඕෂල හේරත් ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපතිවරයා රට හැර ගියේද නැතිනම් කුමන්ත්‍රණයක් හේතුවෙන් පිටුවහල් කළේද යන්න සොයා බලන ලෙසට පසුගිය ජුලි 18 වැනිදා පොලිසියට පැමිණිල්ලක් කළද ඒ පිළිබඳව පැහැදිලි විමර්ශන සිදු නොවූ බවද ඔහු එම පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා.









2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11