hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 17, පෙ.ව. 9:23



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් එම සියලු වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් දරණ බවත් සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ජීවත් වන්නේ හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් අගනුවර බලා පිටත්ව යාම සඳහා භාවිත කළේ පුද්ගලික ගුවන් යානයක් බව ත් ඒ සඳහා මුදල් ගෙවා තිබුණේ ලංකා රජයෙන් බව ත් මාධ්‍යවේදියෙක් එහිදී පැවසුවා.

හිටපු ජනාධිපතිවරයා තවම ත් ජීවත් වන්නේ එම වරප්‍රසාද යටතේ ද යන්න ඔහු එහිදී ප්‍රශ්න කළා.

ප්‍රශ්නය: අපේ හිටපු ජනාධිපති තුමා සිංගපූරුවේ ඉඳලා නැවත තායිලන්තයේ බැංකොක් නුවර දක්වා ගමන් කළා. එහිදී ඔහු පාවිච්චි කළේ, පෞද්ගලික ගුවන් යානයක්. මේ සඳහා මුදල් ගෙවලා තියෙන්නේ ලංකා රජයෙන්. ජනතාවගේ බදු මුදල්. මේ වරප්‍රසාද යටතේ ද ඔහු තවමත් ජීවත් වෙන්නේ?

පිළිතුර: ඔව්. මොකද ලංකාවේ ජනාධිපතිවරණ පනතට අනුව රටේ හිටපු ජනාධිපතිවරයාත් ඉන්න ජනාධිපතිවරයාටත් හිමි වරදාන වරප්‍රසාද පිළිබඳ නීතිමය විධි විධාන තිබෙනවා. හිටපු ජනාධිපතිවරයෙක් අභාවප්‍රප්ත වීමෙන් පසු ආර්‍යාවටත් එවැනි ආරක්ෂාව සැලසීම පිළිබඳ මගේ දැනීමේ හැටියට වගකීමක් තිබෙනවා. දිවංගත ජනතිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව ලෙස හේමා ප්‍රේමදාස මැතිණියට ඒ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දීලා තිබෙන බවට තමයි මගේ සාමාන්‍ය දැනීම. මට ඒ පිළිබඳව තවදුරට ත් විස්තරාත්මකව බලන්නත් පුළුවන් ඉදිරියේදී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිකුත් කළ එම නිවේදනය පහතින්,