hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 29, ප.ව. 6:31



ශ්‍රී ලංකාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලුවලට විසඳුම් සෙවීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට දිය හැකි සහාය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (28) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කර තිබෙනවා.

සෑම විනාඩි 10කට වරක් රට තුළ රිය අනතුරක් සිදු වනවා. ඉන් දිනකට අහිමි වන ජීවිත සංඛ්‍යාව 8ක්. වාර්ෂිකව මිය යන සංඛ්‍යාව තුන්දහසකට අධිකයි.

තවත් බොහෝ දෙනෙක් සදාකාලික අකර්මණ්‍යත්වයට පත් වනවා. 

දීර්ඝ කාලයක සිට රට මුහුණ පා සිටින මේ බරපතළ තත්ත්වයෙන් මිදීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මවර්ධන මහතා පෙන්වා දුන්නා.

විවිධ ආයතන මාර්ග ආරක්ෂාව සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග අනුගමනය කරයි. මේ සියලු ආයතන එක්ව නිවැරදි දත්ත මත පදනම්ව ප්‍රතිපත්තිමය තීරණ ගතයුතු බවත් මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ අවශ්‍යතාවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබෙනවා.

අත්‍යාවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, විද්‍යාගාර රසායනික ද්‍රව්‍ය අවශ්‍යතාවන්, ආහාර හිඟය සහ එමගින් සමාජයට ඇතිවිය හැකි පෝෂණ ඌනතා වළක්වා ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙන බව වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: