hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 27, පෙ.ව. 7:31



රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මගින් අද (26) නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළා.

මේ අතර මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.