hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 27, ප.ව. 2:44



වීරවිල හා රිදියගම රජයේ ගොවිපොළ දෙක පෞද්ගලික අංශයට විකිණිමට අවශය සැලසුම් සකස් කර ඇති බැවින් ඒ සඳහා සුදුසු ආයෝජකයන් දැනට ඉදිරිපත් වි සිටින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසනවා.

පාඩු පිට පාඩු ලබමින් මෙම රජයේ ගොවිපලවල් දෙක ක්‍රියාත්මක වන හෙයින් තවදුරටත් රජයට මෙම බර දරා ගැනීමට නොහැකි හෙයින් පෞද්ගලික ආයෝජකයන්ට ගොවිපොළ දෙක ලබාදීමෙන් ගොවිපොළ දෙකෙන් උපරිම නිෂ්පාදන ධාරිතාවයක් ලබා ගැනීමට හැකිවන හෙයින් පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

වීරවිල රජයේ ගොවිල දැනටම වසරකට රුපියල් ලක්ෂ 400 ක පමණ පාඩුවකින් පාලනය වන බවත් රිදියගම ගොවිපලද කිරිලීටර් 5000 ක් තරම් ප්‍රමානයක් නිෂ්පාදනය වන බවද අමරවීර මහතා ප්‍රකාශ කළා.

මෙම ගොවිපල දෙකේම සිටින සේවකයන් සමඟ එම ආයෝජකයන් ගොවිපොළ දෙක මිලදී ගැනීමට හැකිවන සේ අවශ්‍ය සාකච්ඡා කරගෙන යන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.