hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 28, පෙ.ව. 7:55



පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු එම ආයතනවල පරිපාලන කටයුතු සඳහා පත්කරනු ලැබ සිටින ප්‍රධානීන් අතරින් 70කට ආසන්න පිරිසක් ඒ තනතුරුවල කටයුතු කිරීමට සුදුසුකම් නොමැති අය බව වාර්තා වනවා.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසන්නේ මේ නිලධාරීන් එම තනතුරුවලින් වහාම ඉවත් කරන ලෙසට උපදෙස් දුන් බවයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ මේ උපදෙස් අනුව එවැනි නිලධාරීන් කිහිප දෙනෙක් දැනටමත් ඉවත් කර තිබෙනවා.

මහජනතාවගෙන් සහ විවිධ පාර්ශ්වවලින් ලැබුණු පැමිණිලි අනුව මේ නුසුදුසු නිලධාරීන් හඳුනා ගැනුණු බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසුව ඒ ආයතනවල පරිපාලන කටයුතු සඳහා නිලධාරීන් (ලේකම්වරු සහ කොමසාරිස්වරු) පත්කරනු ලැබුවා.