hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 10, පෙ.ව. 10:53



රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ වන කණ්ඩායම්වලට ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදීමට රජය දැඩි තීන්දුවක් ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

එවැනි විරෝධතා හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වන්නන් හඳුනාගෙන ඔවුන් ගැන රජය මින් ඉදිරියට වාර්තාවක් පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

මෙකී වාර්තා දත්ත බැංකුවක් ආකාරයෙන් පවත්වා ගෙන යාමට කටයුතු කර එවන් පුද්ගලයන් ඉදිරියේදී රජයේ රැකියා සඳහා අයැදුම් කළ විට ඔවුන් අදාළ රැකියාව සඳහා නුසුදුස්සන් සේ සැලකීමට පදනම් ලේඛනයක් සකස් කිරීමට කටයුතු කරන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවකට බඳවා ගැනීමේදී රාජ්‍ය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී ඇත්දැයි පොලිස් හා ග්‍රාම නිලධාරි වාර්තා ලබා ගැනීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියයි.

නමුත් උපාධිධාරීන්ට රජයේ රැකියා අවස්ථා ලබා දීමේදී මෙවැනි දේ කෙරෙහි විශේෂ අවධානයක් මේ වෙන තුරු යොමු නොකළ බව එම ආරංචි මාර්ග සඳහන් කරන අතර එහෙත් මින් ඉදිරියට එය විශේෂ සුදුසුකමක් හෝ නුසුදුසුකමක් ලෙස තීරණාත්මක වනු ඇතැයි වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කළා.