hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 18, පෙ.ව. 5:04



වව්නියාව ඇතුලු උතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය සේවයේ විශ්‍රාම ගිය සේවකයින් 200කට අධික පිරිසකට වසර 03කට අධික කාලයක් ගත වී ඇතැත් මෙතෙක් කිසිදු දීමනාවක් හෝ විශ්‍රාම වැටුපක් නොලැබීමෙන් එම පිරිද් දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා.

සිංහල, දෙමළ හා මුස්ලිම් සෞඛ්‍ය සේවකයින් උතුරේ රෝහල්හි සෞඛ්‍ය සේවයේ නිරතව සිට 2020 වසරේ විශ්‍රාම ගියද මේ දක්වා උතුරු පලාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අදාල සේවකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ලබා දීමට පියවර ගෙන නොමැති බවට වාර්තා වෙනවා.

මෙම පිරිස්හි ඇතැම් සේවකයින්ට වසර 45ක් සපිරීමෙන් පසුව ස්ථීර පත්වීම් ලබා දී ඇති බැවින් විශ්‍රාම වැටුප් ලබා දීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිය යුතු බවට දන්වමින් පසුගිය වසරේ (2022) සෞඛ්‍ය සේකයින්ට ලිපි මගින් දැනුම් දී ඇතත් මේ දක්වා අනුමැතිය ලැබී නොමැති බවට උතුරු පලාත් සෞඛ්‍ය බලධාරීන් හමුවීම්දී ඔවුන් පැවසීම හේතුවෙන් අදාල සෞඛ්‍ය සේවකයින්ට දින ගණන් රස්තියාදු වීමට සිදුව තිබෙනවා.

කෙසේවෙතත් සෞඛ්‍ය සේකයින් පවසා සිටින්නේ තමන්ගේ සේවය ස්ථීර කිරීමට පෙර වසර 15ක් පුරා ස්වේච්ඡා සේවයේ නිරත වූ බවටත් අවුරුදු 45 පිරීමෙන් පසුව ස්ථීර පත්වීම් ලබාදීම තමන්ගේ වැරද්දක් නොවන බවාත් එය නිලධාරීන්ගේ වැරද්දක් බවටත්ය.

තමන්ට ස්ථීර පත්වීම් ලබාදී විශ්‍රාම හිමි කාඩ්පත් ලබා දීම මෙන්ම සේවා වැටුපෙන් සියලු කපා හැරීම් සිදුකොට ඇති අතරම තමන්ගේ ස්ථීර සේවා කාලය වසර 12ත් 15ත් අතර කාලයක් පැවතීම හේතුවෙන් මෙලෙස විශ්‍රාම වැටුප් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගැනීම දැඩි අසාධාරණයක් බවටය.

මේ වන විටත් අදාල සෞඛ්‍ය සේවකයින්ගේ පවුල් වෙතට විශ්‍රාම වැටුපක් හෝ කිසිදු දීමනාවක් නොලැබීමෙන් එම පවුල් දැඩි සේ අසරණව සිටින හෙයින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු කොට එම සේවකයින්ගේ ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.