hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 01, පෙ.ව. 8:52



රජයේ සංස්ථා – මණ්ඩල රැසක ප්‍රධානීන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඔවුන්ට මෙලෙස ඉවත්න ලෙස දැනුම් දී ඇත්තේ එම තනතුරුවලට ඉදිරියේ දී අලුතින් පිරිසක් පත් කිරීම සඳහායි.

රජයේ ආයතන ගණනාවක මුල් පුටු දැනටමත් වෙනස් කර තිබෙනවා.

ඒ අනුව ලබන සතියේ ද තවත් වෙනස් වීම් රැසක් සිදු වීමට නියමිත ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන නාලක කලුවැව මහතා නැවත පත් කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග පවසනවා.

එම ධුරයේ දැනට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදේශකවරයකු වශයෙන් පත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ රූපවාහිනී ආයතන දෙක සඳහා ද අලුතින් සභාපතිවරුන් පත් කර ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඩබ්ලිව් .බී. ගනේගල මහතා ද, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති වරයා ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද පත් කරනු ලැබ තිබෙනවා.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංගම ඇතුළු ආයතන කිහිපයක ද ඉහල පුටු රැසක වෙනස්වීම් සිදු වීමට නියමිතයි.

මේ ආකාරයට අනෙකුත් රාජ්‍ය ආයතනවලට ද ප්‍රධානීන් ඉදිරි කාලයේදී අලුතින් පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.