hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 25, පෙ.ව. 12:02



අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ තේ වගාව සඳහා යොදනු ලබන පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගත් බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (24) පෙරවරුවේ කොටපොළ ‌ඓතිහාසික ගැටඹරු රජමහා විහාරයේ දී ය.

අමාත්‍යවරයා එහි දී ශ්‍රී  ලංකා ‌තේ මණ්ඩලය හා පුද්ගලික තේ කර්මාන්තකරුවන්ගේ සහයෝගයෙන් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් වන නැවුම් තේ මංගල්‍යයට එක් වුණා

ආර්ථික අර්බුදය, කොවිඩ් වසංගත තත්ත්වය හා පොහොර අර්බුදය හේතුවෙන් තේ වගාව සඳහා පොහොර යෙදීම අවම විය.

එමෙන්ම, අස්වැන්නෙහි සැළකිය යුතු අඩු වීමක් ද පසුගිය කාලය තුළ වාර්තා වී තිබූ බව ද අමාත්‍යවරයා පැවසුවා.

තව ද, රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් තේ පොහොර විශේෂ 05ක් නිෂ්පාදනය කර ඇත.

එම පොහොර වෙළෙඳපළේ අලෙවි වන මිලට වඩා සියයට 50ක පමණ අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත්, ඒ අනුව වෙළෙඳපළේ රුපියල් 13,000ක් පමණ වන තේ පොහොර මිටියක් රුපියල් 5,500 සහා 7,500ට මිල දී ගැනීමට හැකි වෙනවා.

.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: