hit counter

2024 දෙසැම්‍බර් මස 09 වන සඳුදා

2024 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:08



සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, කොළඹදී පැවති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය අමතමින්.

මේ එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය,

“ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරන්න අපේ රජයට දැක්මක් තිබෙනවා.. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය සංවර්ධනය කිරීම, ඩිජිටල් ආර්ථීකයක් නිර්මාණය කිරීම මූලික කරගත් ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි.. යාපනය, මාතර සහ නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගත් ඩිජිටල් කළාප ඇතිකිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.. ජාත්‍යන්තර ඩිජිටල් සමාගම් සහ දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදකයින් අතර සබඳතාවයක් ඇති කිරීමත් අවශ්‍යයි.. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය නංවාලීම, ඒ සඳහා පහසුකම් සැපයීම, වෘත්තීයවේදීන් සඳහා අවශ්‍ය දීමනා ලබාදීමත් වැදගත්.. රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කළ යුතුයි.. ඒවගේම ඩිජිටල් අංශය සඳහා කාන්තා දායකත්වය වැඩිකිරීමත් අවශ්‍යයි.. මේ සඳහා සියලුදෙනාගේ සහයෝගය අවශ්‍යයි..”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: