2025 ජනවාරි 02, පෙ.ව. 12:09
රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යාංශ වල විමර්ශන ඒකක පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
මේ වන විට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දෛනිකව විශාල පැමිණිලි සංඛ්‍යාවක් නාමිකව සහ නිර්නාමිකව ජනාධිපති කාර්යාලයට, අග්‍රාමාත්‍ය කාර්යාලයට මෙන්ම, මහජන නියෝජිතයින් වෙත ද ලැබෙමින් පවතින බව රජය පවසනවා.
එමෙන්ම රජය කෙරෙහි පළ කළ මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීමට මෙන්ම, විශේෂයෙන්ම රාජ්‍ය සේවය තුළ අපේක්ෂිත ධනාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා එවැනි පැමිණිලි පිළිබඳව අපක්ෂපාතී මෙන්ම විද්‍යාත්මක කරුණු විමර්ශනයක් සිදු කළ යුතුව ඇත.
ඒ අනුව,පැවති රජයන් යටතේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වී ඇති ආකාරය මෙන්ම, වත්මන් රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වන මහජන පැමිණිලි, කරුණු දැක්වීම් මෙන්ම විවිධ මූලාශ්‍ර වලින් වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් කරුණු විමර්ශනයට අමාත්‍යාංශ මට්ටමින් දීප ව්‍යාප්ත සේවාවක පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ හෝ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධ අත්දැකීම් සහිත රාජ්‍ය සේවයේ පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුගේ හෝ ප්‍රධානත්වයෙන් විමර්ශන ඒකක පිහිටුවීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 9:31
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26