hit counter

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 29, ප.ව. 9:42



විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති අස්වැසුම ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැමීම අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට රජය කටයුතු කළා. ලබන අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ක් ඔවුන්ට හිමි වෙනවා. 2015 වසරේ අගමැතිවරයා ලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට මම කටයුතු කළා. නැවත වැටුප් වැඩිකිරීමක් වසර දහයකින් කිරීමට නියමිතව තිබුණත් ආර්ථික පීඩාකාරී තත්ත්වය නිසාම 2024 දී එය සිදු කිරීමට අප තීරණය කළා. ඒ වගේම අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. 1935 සිට ඉඩම් සංවර්ධන පනත යටතේ ඉඩම් බලපත්‍ර ලැබූ සියලුදෙනාට උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය හිමි වෙනවා. තමාට ඉඩමේ නීත්‍යානකූල අයිතිය හිමි වීම නිසා දිගු කලක් තිස්සේ එම ජනතාවට මුහුණ දීමට සිදුවූ ගැටලුවට විසදුම් ලැබෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: