hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:04



රාජ්‍ය නිලධාරීන්ට වාහන ගැනීමට දෙන බලපත්‍ර 75,000ක් පමණ වසර පහක් තිස්සේ සිරවී පවතින බව එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට දැනටමත් කරුණු ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රජයේ සේවකයන්ගේ බලපත්‍ර සඳහා වාහන රනිල් වික්‍රමසිංහ රජයක් යටතේ නියත වශයෙන්ම දෙන බවත්, රාජ්‍ය සේවකයා මේ රටේ අසරණම කණ්ඩායම බවත් මෙහිදී මන්ත්‍රීවරයා පේනවා දෙනවා.

මේ අතර පුද්ගලික ආශාවන් පස්සේ ගොස් දේශපාලනඥයන් මහ මඟ ගුටි කන මැරෙන යුගය නිර්මාණය කරන්න එපා යනුවෙන් ද ඉල්ලා සිටින බවත්, මන්ත්‍රීවරයා පෝලිම්වල ඇද වැටෙන යුගය නිමා කළ ජනාධිපතිවරයාට මේ රටේ ජනතාව කෘතවේදීත්වය දක්වනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවත් සඳහන් කරනවා.

වජිර අබේවර්ධන මෙම ප්‍රකාශ සිදු කළේ, ආනයන අපනයන පනතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: