2022 නොවැම්‍බර් 27, පෙ.ව. 9:25
එළඹෙන දෙසැම්බර් 18 වන දා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසනවා.
ඒ වෙනුවට විභාග අපේක්ෂයින් සඳහා පැමිණීමේ ලේඛන ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
මේ අතර, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් 311,321 දෙනා අතරින් 231,982ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා කියා සිටියා.
විභාග දෙපාර්තමේන්තුවේ පෙරේදා (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළා.
A සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් ඒ අතර සිටින බව යි ඔහු පෙන්වා දුන්නේ.
තව ද විභාගයට පෙනී සිටි 498 දෙනෙකුගේ ප්‍රතිඵල තහනම් කිරීමට කටයුතු කළ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.
2025 ජනවාරි 15, පෙ.ව. 12:04
2025 ජනවාරි 15, පෙ.ව. 12:04
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 15, පෙ.ව. 12:02
2025 ජනවාරි 15, පෙ.ව. 12:00