hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 5:40



ජාතික සත්ත්වයා ලෙස දැනට භාවිතයේ පවතින දඬුලේනා වෙනුවට වෙනත් සත්ත්වයෙකු නම් කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව වනජීවී හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට ආවේනික වෙනත් සත්වයෙකු යෝජනා කිරීම සඳහා අවධානය යොමු වී ඇති බවයි.

දඬුලේනා පොල් හා කොකෝවා බරපතළ ලෙස හානි කරන සත්වයෙක් වී තිබෙනවා.

දඬුලේනා ජාතික සත්වයා ලෙසට නම් කලේ කවුද යන්න ගැටලුවක් වී තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළා.

විනාශකාරී සත්වයෙක් වන දඬුලේනා ජාතික සත්වයා ලෙස නම් කිරීමෙන් ඌට ආරක්ෂාවක් සැලසී ඇති අතර එමගින් වගා හානිය බරපතළ ලෙස සිදු වන බව ද ඇමතිවරයා පැවසුවා.

ඒ අනුව අපේ රටට ආවේනික වූ වඳ වී යන සත්වයෙක් ජාතික සත්වයා ලෙස නම් කිරීමට දැනට කටයුතු සැලසුම් කරමින් සිටින බව ඇමැතිවරයා ප්‍රකාශ කළා.