2023 ජූනි 30, ප.ව. 8:00
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව (Department of Government Information) අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති බව මේ වන විට ඔවුන් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවද වාර්තා වෙනවා.
රජයේ නිල තොරතුරු හා ප්‍රවෘත්ති මෙම නිල ෆේස් බුක් පිටුවේ යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල ෆේස් බුක් පිටුව වෙත පිවිසෙන පරිශිලකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:07