hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 10, පෙ.ව. 4:50



ඉස්ලාම් බැතිමතුන්ගේ උත්කර්ශවත් ආගමික සැමරුම, හජ් උත්සවය අදට (10) යෙදී තිබෙනවා.

හජ් උත්සවයේ වතුකරයේ ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවි මෙහොමඩ් සහජාන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

හජ් උත්සවයේ ප්‍රධාන ආගමික යාඥාවට වතුකරයේ මුස්ලිම් බැතිමතුන් විශාල පිරිසක් හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය වෙත පැමිණ සිටියා.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණයි.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව දෙවන ආගමික නිවාඩුව ලෙස සැලකෙන්නේ හජ් උත්සවය වන අතර එය ලොව පුරා මුස්ලිම් බැතිමතුන් විසින් සමරනු ලබනවා.

නබි නායකතුමන්ගේ ඉගැන්වීමට අනුව ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමින්.

ශාරීරික ශක්තිය හා මූල්‍යමය හැකියාවන් ඇති මුස්ලිම්වරුන් ඔවුන්ගේ ජීවිත කාලයේ එක් වරක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක වන්දනා ගමනක් වන හජ් වන්දනාවේ අවසානය, මෙම උත්සවයෙන් සනිටුහන් කරනවා.

හැටන් – රංජිත් රාජපක්ෂ