hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 30, පෙ.ව. 1:10



මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික සහල් තොගයක් සොයාගැනීමට ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත් වී තිබෙනවා.

එම ආනයනික සහල් මෙට්‍රික්ටොන් දහසකට අධික ප්‍රමාණයක් ගබඩා කර තිබූ වැල්ලම්පිටිය, සේදවත්ත ප‍්‍රදේශයේ ගබඩාවක සිදුකළ හදිසි පරීක්ෂාවකදීයි.

ගොතටුව පරිපාලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ ගබඩාවක් හදිසි වැටලීමකට ලක්කෙරුණා.

ගබඩාව තුළ ඒ වනවිට සහල් මෙට්‍රික්ටොන් 1,080කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබුණු අතර ඉන් විශාල ප්‍රමාණයක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවැති බව අනාවරණය වුණා.

ආනයනික සහල් තොගය නිසි ලෙස ගබඩා කර නොතිබූ ආකාරය ද මෙහිදී දක්නට ලැබුණු බව වාර්තා වෙනවා.

ඒ අනුව මුද්‍රා තැබුණු ගබඩාවේ සීල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉවත් කිරීමට පියවර ගත්තේ අධිකරණ නියෝගයකට අනුවයි.

පසුව ඔවුන් සහල් සාම්පල ලබාගත් අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිතයි.