hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 07, ප.ව. 7:58



ඉන්ධන නොමැති වීමෙන් හම්බන්තොට මහ රෝහලේ ගිලන්රථ ධාවනය කිරීමට නොහැකි තත්වයක් උදා වී රෝගීන්ගේ ජිවිත අවධානමකට ලක්වී  තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතුළු ඒ අවට දිස්ත්‍රික්ක කීපයක ජනතාවට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම මෙතෙක් හම්බන්තොට මහ රෝහල මගින් සිදු කර තිබෙන නමුත් මේ දිනවල පවතින මෙම ඉන්ධන ගැටලුව හේතුවෙන් එම ප්‍රතිකාර සේවාවන් නිසි  පරිදි සිදුකිරීමට නොහැකි වී තිබෙනවා.

සුපර් ඩිසල් නොමැති වීමෙන් ගිලන්රථ 07ක් මසක පමණ කාලයක සිට ධාවනයේ යෙදවීමට කටයුතු කර නොමැති අතර ඔටෝ ඩිසල් භාවිතයෙන් ධාවනයේ යෙදුනු අනෙකුත් ගිලන්රථ 05ක් මීට දින කීපයකට පෙර සිට පවතින ඩීසල් හිඟය හේතුවෙන් ධාවනයේ යෙදවීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් යම් අවස්ථාවකදී රෝගියෙක් වෙනත් රෝහලක් වෙත මාරුකර යැවීමට සිදුවුව හොත් එය සිදු කිරීමට නොහැකි බවයි එහි නිලධාරීන් කියා සිටින්නේ.

එය රෝගීන්ගේ ජිවිත සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් බවද බවද ඔහුහු පෙන්වා දෙනවා.

හම්බන්තොට – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි