hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 22, ප.ව. 12:49



මෙවරද ලොව සතුටින්ම සිටින රටවල් ලැයිස්තුවේ මුල් තැන හිමිකර ගැනීමට පින්ලන්තයට හැකිවී තිබේ. පින්ලන්තය ලෝකයේ සතුටු දර්ශකයේ මුල් තැන වසර හයක් තිස්සේ දිගටම ආරක්‍ෂා කරගෙන තිබෙනවා.

දෙවැනි හා තෙවැනි තැන් ඩෙන්මාර්කයට සහ අයිස්ලන්තයට හිමිව තිබෙනවා.

ලොව සතුටු දර්ශකයේ හතරවැනි ස්ථානය ඊශ්‍රායලයද, පස්වැනි තැන නෙදර්ලන්තයද, 6, 7, 8 යන ස්ථාන පිළිවෙළින් ස්වීඩන්, නෝර්වේ සහ ස්විට්සර්ලන්තයද හිමිකරගෙන තිබෙනවා.

දහවැනි තැන නවසීලන්තය හිමිකරගෙන ඇත. ඔස්ටි්‍රයාව 11 වැනි තැන හිමිකර ගනිද්දී ඕස්ට්‍රේලියාව සහ කැනඩාවයි 12 සහ 13 වැනි ස්ථාන හිමිකරගෙන ඇත්තේ.

ඇමරිකාව 15 වැනි තැනට පත්ව තිබෙන අතර බ්‍රිතාන්‍යයට හිමිව ඇත්තේ 19 වැනි ස්ථානයයි.

මෙම 2023 වසරේ ලොව සතුටු දර්ශක 112 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

මේ සඳහා සලකා බලා ඇති රටවල් 137න් ඉන්දියාවට හිමිවී ඇත්තේ 126 වැනි ස්ථානයයි. පාකිස්තානය, නේපාලය, චීනය, බංග්ලාදේශය මෙන්ම ශ්‍රී ලංකාවද ඉන්දියාවට වඩා ඉහළින් සිටිනවා.

අවසානයටම එනම් 137 වැනි ස්ථානයේ සඳහන් වන්නේ ඇෆ්ගනිස්තානයයි.