hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 21, ප.ව. 10:52



ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

තමන් අමාත්‍ය ධූරය ලබා ගන්නා අවස්ථාවේ ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේවෙතත් අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කර පැය කිහිපයක් යාමට මත්තෙන් එම අවස්ථාවේ ජායාරූප කිහිපයක් මාධ්‍යට නිකුත් කළා.

එහි දැක්වෙන්නේ අමාත්‍යවරයා සිනා සි ඇමති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පත් වීම ගෙන ආචාර කරමින් සිටීමයි.

අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියූ දේ අසත්‍ය බවද එමගින් සනාථ වුණා.

කෙසේවෙතත් අද මාධ්‍ය හමුවක් කැඳවමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා හරීන් ප්‍රනාන්දු මහතාගේ පත්වීම ගැන මෙසේ අදහස් දක්වා සිටියා,

“අපි දැක්කා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කිව්වා ජනාධිපතිතුමාගෙන් පත්වීම ලබා ගන්නකොට අහක බලාගෙන ලබා ගත්තේ කියලා. අහක බලාගෙනද ගත්තේ ජනාධිපති තුමා එක්ක හිනා වෙලාද ගත්තේ කියන එක ඒ වීඩියෝ පටවල හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ කලිසම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගලවලා දැම්මා. මොකද එකගත්වය තිබුණේ ඕවා මාධ්‍ය වලට දෙන්න එපා කියලා. ඒ එකගත්වයට ඇවිල්ලා හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා නැවත වතාවක් පොර ටෝක් එකක් දුන්නා. පොර ටෝක් එක දීපු ගමන් ජනාධිපති මාධ්‍ය අංශය එයා පත්වීම ගත්ත හැටි මාධ්‍ය වලට නිකුත් කළා.”