hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 21, ප.ව. 2:20



ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකට අනුව සංගීත සංදර්ශන අවසන් කිරීමට අදාළ කාල සීමාව සංශෝධනය කර තිබෙනවා.

මූලික අයිතිවාසිකම් නඩුවක් සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට අනුව කාල සීමාව වෙනස් කර ඇති බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රාත්‍රී 10.00 ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ මුල් කාලය දීර්ඝ කර ඇති බවයි.

ඒ අනුව රාත්‍රී 10.00ට අවසන් කිරීමට නියමිතව තිබූ සංගීත සංදර්ශන සිකුරාදා සහ සෙනසුරාදා අලුයම 01.00 දක්වා පැවැත්විය හැකියි.

එසේම ඉරිදා මධ්‍යම රාත්‍රී 12.30 දක්වා සංගීත සංදර්ශන පැවැත්විය හැකි අතර රෝහල් සහ ආගමික ස්ථානවල සිට සංගීත සංදර්ශන පවත්වන ස්ථානයට සාධාරණ දුරක් තබා ගැනීම කළ යුතු වනවා.

කෙසේ වෙතත්, එම ස්ථානය / සංගීත සංදර්ශන සහ රෝහල් සහ ආගමික ස්ථාන අතර සාධාරණ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.