hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 මැයි 25, පෙ.ව. 10:24



ජාතික ආණ්ඩුවක් තුළ මුදල් ඇමතිකම ගැනීමට තමන් සූදානම් බවත් ඊට අවශ්‍ය කැපකිරීම කිරීමට සූදානම් බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවා.

කෝප් කමිටු රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් සදා රටේ ප්‍රශ්න විසදා ගැනීමට මැදිහත්විය යුතු බවට පක්ෂ නායකයින්ට තවදුරටත් නොතේරීම ප්‍රශ්න සහගත බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ මොහොතේ නිවැරදි තීරණ ගැනීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට වන අතර ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනයට අනුව එය ඉටු කිරීමට යම් කාලපරාසයක් ඇතිව ඊට සූදානම් බව ප්‍රකාශ කරන්නේ නම් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ජාතික ආණ්ඩුව පිහිටුවීමේ හැකියාව තිබෙන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

රට ගැන ආදරයක් ඇත්නම් ජනාධිපතිවරයා විසින් එය කළ යුතුව ඇති බවයි ඔහු පැවසුවේ.

“මම දේශපාලඥයෙක්, මම ආර්ථික විද්‍යාව  පිළිබඳව යම්කිසි දැනුමක් තියෙන කෙනෙක්. මේ රටේ මුදල් ඇමති කියන එක භාර ගන්න මම අකමැතියි කියලා හිතනවද? මිනිස්සු මෙච්චර ගන්න කියද්දී මොකක්ද මම මේ කරන්නේ. මුදල් ඇමතිකම කියන එක මට පුද්ගලිකව ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඒක රටට ජයග්‍රහණයක් නෙමෙයිනේ. රටට ජයග්‍රහණයක් වෙන්නේ, මම මුදල් ඇමතිකම ජාතික ආණ්ඩුවක ගත්තොත්. ඇයි මේ නායකයන්ට මේක තේරෙන්නේ නැත්තේ. ඇයි අපිට තේරුම් ගන්න බැරි අපිට මේ ප්‍රශ්නය තියෙන්නේ අපි ඔක්කොම එකතු වුණොත් කියලා”