hit counter

2025 ජනවාරි මස 29 වන බදාදා

2025 ජනවාරි 28, පෙ.ව. 8:08



පුද්ගලයන් අත්අඩංගුවට ගෙන මාංචු දමා මාස ගණන් බන්ධනාගාරගත කර නිදහස් වී යෑමේ ලොකු මාධ්‍ය සංදර්ශන සඳහා ජනතාව කලක සිට පුරුදු වී ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ යෝෂිත රාජපක්ෂට ඇප ලැබීම යනු ඔහු චෝදනාවලින් නිදහස් වීමක් නොවන බවයි.

ඇප ලබා දීම සිදුකරන්නේ ඇප පනත අනුව බවත් මෙම සිදුවීමට වසර 8ක් වුව ද මෙතෙක් යෝෂිත එහි සැකකරුවෙකු ලෙස නම් කොට නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එරෙහිව වුව ද යෝෂිත රාජපක්ෂ රටින් පළා යෑමේ අවදානමක් නැත්නම්, මහජන කැළඹීමක් නොවේ නම් ඔහු පෙර නඩුවකින් වැරදිකරුවෙකු වී නොමැති නම් ඇප පනත අනුව ඇප ලබා දීමට සිදුවන බව ද ඇමති නානායක්කාර අවධාරණය කරයි.

වර්තමාන ආණ්ඩුව කලින් පැවති ආණ්ඩු මාර්ගයේ නොයන බව තව මාස එකහමාරක් පමණ ගතවන විට අවබෝධ වනු ඇති බවත් එතෙක් කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: